වෙළඳ නාවික ලේකම් කාර්යාලය ගනුදෙනු සියල්ල Online ක්‍ර‍මයට

ජන 21, 2020

    වෙළඳ නාවික ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් පවතින පැමිණිලි අඩුකිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්ම කිරීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.

    වරාය හා නාවික අමාත්‍යංශයට අයත් වෙළඳ නාවික ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි පවතින බවත්, ඒ සඳහා ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්නොවන ලෙස අදාළ ගනුදෙනු සියල්ල Online ක්‍ර‍මයට සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    අමාත්‍යවරයා පසුගියදා (20) වෙළඳ නාවික ලේකම් කාර්යාලයෙහි නිරීක්ෂණ සංචාරයක් සඳහා එක්විය.

    එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් අමත්‍යවරයා කියා සිටියේ, මෙම ආයතනය මගින් ක්‍රියාවට නංවන හා ආයතනය සතු කාර්යභාරයන්හි දී අදාළ කටයුතු වඩාත් කාර්යක්ෂව ඉටු කිරීම සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

    ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික කටයුතු පරිපාලනය භාර ආයතනය වෙළඳ නාවික ලේකම් කාර්යාලයයි. එය සමුද්‍රීය කටයුතු අධීක්ෂණය කිරීමේ සමස්ත වගකීම් භාරව කටයුතු කරනු ලබයි.

    ඒ අනුව, මුහුදේ සැරිසරන ජීවිතවල සහ දේපළ වල ආරක්ෂාව, සමුද්‍රීය අධ්‍යාපනය, පුහුණුව, ප්‍ර‍වීණත්වය ඇගයීමෙන් පසු සහතික ලබාදීම, ශ්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචි කිරීම, නැව් ඒජන්තවරුන්ට, බහළු මධ්‍යස්ථාන මෙහෙයුම් කරුවන්ට, බහළු පර්යන්ත මෙහෙයුම්කරුවන්ට, බහළු නැව් බඩු මෙහෙයුම් කරුවන්ට, නැව් බඩු ඉදිරිපත් කරන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවෙකු නොවන පොදු ප්‍ර‍වාහකයින්ට වාර්ෂිකව බලපත්‍ර‍ නිකුත් කිරීම සහ අදාළ වන සියලු ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ රෙගුලාසි වලට අනුගතව ක්‍රියාත්මක වීම පිළිබඳ වගකීම් සිදු කරනු ලබයි.

    Latest News