මව්කිරිදීම අතින් ලෝකයේ පළමු තැනට ශ්‍රී ලංකාව

ජන 21, 2020

    ලෝකයේ මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීම් වැඩසටහන මගින් කළ සමීක්ෂණයක දී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ඒ අනූව ශ්‍රි ලංකාවට හරිත වර්ණ කේතය පිරිනමා ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසන්නේ.

    ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩසටහන ලෝකය පුරා රටවල් 120ක ක්‍රියාත්මක වෙයි. ඒමගින් නිර්නායක 10ක් මුල්කර ගනිමින් රටවල් ශ්‍රේණිගත කිරීම සිදුකෙරේ.

    මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 100න් 91ක් හිමිව ඇති බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 10:44

    Latest News