ගාල්ලේ ආපනශාලා 7කට නඩු

ජන 21, 2020

    ගාල්ල,කරාපිටිය රෝහල අවට සහ බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලා 7කට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කෙරිණ.

    ඒ ඊයේ සිදු කළ වැටලීමක දී අපිරිසිදු ආහාර විකිණීමට එරෙහිවයි. එම ප්‍රදේශයේ ආහාර පාන සකස් කර, විකුණන වෙළෙඳ ස්ථාන 30ක් පමණ ඊයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී බරපතල ලෙස වැරදි සිදු කළ ස්ථාන 7කට විරුද්ධවයි අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කරන ලද්දේ. අනෙකුත් ආපන ශාලාවල ඇති වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දුන්නේය.

    ජංගම වෙළෙඳ රථ හා රාත්‍රී ආපන ශාලා නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වන බවට ලද පැමිණිලි මතයි, මෙම වැටලීම සිදු කෙරුණේ.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 08:56

    Latest News