මස්කෙළිය වෙළෙදසැල් හදිසි පරීක්ෂාවකට

දෙසැ 08, 2018

    එළඹෙන ශ්‍රි පාද සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක්  ලබාදීම අරමුණින් මහජන සෞඛය පරික්ෂකවරුන් අද (08) මස්කෙලිය නගරයේ අපිරිසිදු ආපන ශාලා සහ වෙළදසැල් වැටලිමේ විශේෂ වැටලිමක් දියත් කර තිබේ.

    මස්කෙලිය සෙඛ්‍ය වෛද්‍යය  අධිකාරි කාර්යයාලය මගින් මෙම හදිසි පරික්ෂාව සංවිධානය කර ඇති අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හැටන්, මස්කෙලිය, කොත්මලේ, කොටගල සහ ලිදුල යන සෞඛ්‍ය වෛද්‍යය අධිකාරිවරුන්ගේද  එම  කාර්යයාලය යටතේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල පිරිසකගේ සහභාගිවයෙනුයි මෙම වැටලිම සිදු කරනු ලැබුවේ.

    මෙම වැටලිමේද මස්කෙලිය සාමිමලේ  , නොර්වුඩ් , බගවන්තලාව, පුලියාවත්ත යන නගරයන්හි සුපිරි වෙළදසැල් ,තොග සහ සිල්ලර වෙළදසැල් ආපන ශාලා සහ පදික වේදිකාවේ ආහාර ද්‍රව්‍යය අලෙවි කරන තාවකාලික වෙළදුන්ද මෙහිදි පරිකෂාවට ලක් කරනු ලැබුවා.

    මෙම වැලිමේදි පරිභෝජනයට නුසුදුසු අලෙවි කිරිම සදහා සුදානම් කර තිබු ආහාර ද්‍රව්‍යය රැසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ඔහුන් භාරයට ගෙන එවා විනාශ කිරිමට කටයුතු කරනු ලැබුවා.

    අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙලදුන් රැසකට එම ආපනශාලාවල ඇති අඩුපාඩුකම් සපුරාලිමට උපදෙස් ලබා දුන් අතර, අපිරිසිදු ආහාර පාන පරිභෝගිකයන්ට ලබාදුන් ආපානශාලා හිමියන් රැසකට නෛතික පියවර ගැනිමටද මෙම වැටලිමේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි

    03

    06

    09

    12

    Latest News