ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීය හැක: හැමදේමට විරුද්ධ නොවන්න: සජිත්ට - අනුනාහිමි කියයි

ජන 16, 2020

    ඕනෑම රටක්, රජ්‍යක් යහපත් මාර්ගයකට යොමු කිරීමට නම් ප්‍රබල විපක්ෂයක් තිබිය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙ අද (16) පැවසුහ.

    ආණ්ඩුවේ සෑම දේටම විරුද්ධ නොවී යහපත්දේට සහයදී අයහත්දේට විරුද්ධවීම නියම විපක්ෂයක කාර්ය භාරය බවත් උන්වහන්සේ කියා සිටියහ. සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ හැකියාව පවතින බව තමන්වහන්සේ විශ්වාසය බව දිඹුල් කුඹුරේ විමලධම්ම හිමියන් පෙන්වා දුන්හ. සජිත් ප්‍රේමදාස මහතා, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්, බැහැ දැකිමෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබිණ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු සහ අස්ගිරි උභය මහ විහාරයන් වෙත ගොස් මහනාහිමිවරු‍න්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

    Latest News