අලි වැට රකින සිවිල් ආරක්ෂකයින්ට තුවක්කු: සත්ව දඩයම තහනම් - ඇමති එස්.එම්.

ජන 14, 2020

    අලිවැට ආරක්ෂා කිරිම සදහා සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින් යොදවන බව වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රස්න මහතා පවසයි.

    අලිවැට ආශ්‍රිතව මුරකුටි සකස් කිරිමේ වැඩ සටහන අම්පාර දිස්ත්‍රික්කයේ විරගොඩ ගම්මානයෙන් ආරම්භ කරන බවත් ඔහු කියා සිටියේය.

    පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරැන්ගේ රැස්විමකදි ඇමතිවරාය මේ බව සදහන් කලේය.

    වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රස්න මහතා......

    අද වෙන විට අලි මිනිස් ගැටුම බරපතල සමාජ කාරණයක් බවට පත්වෙලා තියෙනවා. පැවැති කිසිම රජයටකට මේ සදහා ස්ථිර විසදුමක් ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. දැන් ඒ වගකිම අපිට පැවරිලා තියෙනව. මේ ගැටුම අවම කිරිමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නවා. දැනට එක් පියවරක් ලෙස අලිවැට ආරක්ෂා කිරිම සදහා සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින් යොදවනවා. අලිවැට ආශ්‍රීතව මුරකුටි සකස් කර ඒ වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ විරගොඩ ගම්මානයෙන් ආරම්භ කරනවා. එක මුරකුටියක සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම ගමේ ඉදිරිපත්වෙන ස්වේච්චා පිරිස්ද සිටිනවා. ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් එක් මුරකුටියකට එක් තුවක්කුවක් දෙනවා ඒ තුවක්කුව දෙන්නේ හාවුන් දඩයම් කරන්නවත් වෙන වන සතුන් දඩයම් කරන්නවත් නෙවෙයි හදිසි අවශ්‍යතාවයකදි බේරෙන්න බැරි තැනක් ආවොත් උඩට වෙඩියක් තබා වන අලි පලවා හැරිමටයි.

    මේ කථාවට වැරැදි අර්ථ කථනයක් සමාජ ගතවෙමින් පවතිනවා. නමුත් මම වගකිමෙන් කියනවා මේ තුවක්කු වලින් කිසිම සතෙකුට වෙඩි තැබිම තහනම් ඒ පිලිබදව විධි විධාන නිකුත් කරල තමයි ගිනි අවිය ලබාදිලා තියෙන්නේ. මේ පිලිබදව අධික්ෂණය කිරිම සදහා සිවිල් ආරක්ෂක බලකායත් ඒ වගේම වනජීවි නිළධාරින් කටයුතු කරන බවද සදහන් කලේය. මේ ඉන්න අලි විතරක් නෙවෙයි කුඹියෙක් මරන්නවත් අපි අනුබල නොදෙන බවද" සදහන් කලේය.

    වදුරන්, රිලවුන් හා මොණරුගෙන් වගාවන්ට බර පතල හානි සිදුවෙන බවත් එය ජාතික නිෂ්පාදනයට තදින් බලපාන අතර ඒයටද යම් පියවරක් ගත යුතුව බව ඔහු පැවසීය.

    Latest News