සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ලට විරෝධතා ‍පෙබ.14

ජන 14, 2020

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ විරෝධතා පෙබරවාරි මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයට අද (14) නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කුමුදූනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල වගඋත්තරකාර සරත් විජේසූරිය මහතාගේ පාර්ශ්වයට නියම කළේ මෙම පැමිණිල්ලට අදාළ විරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 17 වනදාට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු වන අනිල් අල්විස් යන අය විසින්.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2016 වසරේ "උසාවිය නිහඬයි" චිත්‍රපටය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු අධිකරණ වාරණ නියෝගයක් විවේචනය කරමින් වගඋත්තරකාර මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ අදහස් නිකුත් කර තිබූ බවයි.

    ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පැමිණිලිකරුවන් විසින් අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 11:27

    Latest News