අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට හා කොස්තාපල්ට වසර 28කට සිරදඩුවමක්

ජන 09, 2020

    රුපියල් 10,000 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් අද නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම නඩුව විභාග කළ අතර විත්තිකරුවන්ට සිර දඬුවමට අමතරව රුපියල් විසි දහස බැගින් දඩයක් ද පිරිනැමීය.

    පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත ආරච්චි සහ පොලිස් කොස්තාපල්වරයෙකු වන නීල් කුමාරට එරෙහිව මෙම දඬුවම නියම කෙරිණ.


    නීති විරෝධීව ගෝන මස් ළඟ තබා ගත් සැකකරුවකුට නීතිය ක්‍රියාත්මක නොකිරීමට මොවුන් විසින් රුපියල් 10,000 ක මුදලක් 2009 වසරේ දි අරලගංවිල පොලිසියේ සේවය කරමින් සිටියදී ඉල්ලා තිබේ. එම මුදල ලබා ගැනිමේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරුවරයා විසින් තින්දු කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් කෙරිණ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 14:20

    Latest News