රතනහිමිගෙන්, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට (වීඩියෝ)

ජන 08, 2020
  • 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පුද්ගලික යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබේ.

     කථානායක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමට පාර්ලිමේනතු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගෙන් පනත් කෙටුම්පතක්

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සදහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පුද්ගලික මන්ත්‍රිවර‍යකුගේ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ මෙය 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සදහා වු පනත් කෙටුම්පතකි.

    තවද මීට සමගාමීව 1907 අංක 19 දරන විවාහ (සාමාන්ය්) ආඥා පනත සංශෝධනය කිරීම සදහා ද පනත් කෙටුම්පතක් උන්වහන්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එමගින් 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනතේ නාමය වෙනස් වන අතර ප්‍රධාන ප්‍රඥප්තියේ පූර්විකාවේ ‘’මුස්ලිම්වරුන්ගේ විවාහ හැරුණු කල’’ යන වචන ඉවත් කිරීම සිදුවේ.

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සදහා 2009 වසරේදී කමිටුවක් පත්කළ අතර එහි සභාපතිත්වය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මස්රූෆ් මහතා ය. මෙම කමිටුව අවුරුදු 9 ක කාලයක් තිස්සේ ඒ පිළිබඳ අදහස් විවිධ පාර්ශ්වවලින් එක්රැස් කළ අතර. අවසානයේ 2018 දී සියලූ නිර්දේශ ඇතුළත් ඔවුන්ගේ අවසන් වාර්තාව නිකුත් විය. ඉන්පසු 2019 ජුලි මාසයේදී, මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ එම වාර්තාවේ නිර්දේශ 14 ක් පිළිබඳ තමන්ගේ එකඟත්වය පළකළද ක්‍රියාත්මක වීම අඩාල විය.

    වර්තමාන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය තුළ ඇති ඉතා විවාදාත්මක කාරණයක් වන්නේ, මුස්ලිම් කාන්තාවන්ගේ විවාහය සඳහා වන අවම වයසක් නිශ්චිතව සඳහන් නොවීමයි. මේ පනතේ 23 වැනි වගන්තියෙන් කියැවෙන පරිදි, වයස අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවෙකු වුවත්, මුස්ලිම් ක්වාසි අධිකරණ විනිසුරුවරයෙකුගේ අනුමැතිය ඇතොත්, කෙනෙකුට විවාහ කර දිය හැකිය.

     

     

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:27

    Latest News