මාතලේ එළවලු වගාවට දිලීරයක්

ජන 08, 2020

    මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල,දඹුල්ල,යටවත්ත ආදී ප්‍රදේශවල වැටකොළු,කරවිල සහ බෝංචි වගාවන් වලට දිලීර රෝගයක් වැළඳීම හේතුවෙන් අස්වැන්න විශාල වශයෙන් අඩුවී තිබේ.

    පසුගිය දිනවල එක දිගට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තවමත් මෙම එළවළු වගාවන්හි උල්දිය මතුවීම සහ නිසි අව්රශ්මියක් නොමැතිවීම නිසා මෙම රෝගය හටගන්නට ඇතැයි ගොවීන් පවසයි.

    මාතලේ, යටවත්ත ප්‍රදේශයේ විශාල වශයෙන් වැටකොළු සහ කරවිල වගාවන් සිදු කරයි.දැනට පවතින වැටකොළු සහ කරවිල වගාවන්හි ඉතා සීමිත අස්වැන්නක් ලැබෙන බවත් වැටකොළු වැල්වල හටගන්නා කරල විකෘති වී හට ගැනීම, කහ පැහැති වී වැල විනාශ වීම සිදුවන බව ගොවීහු පෙන්වා දෙති. එළවළු කොටුවකින් ලැබෙන අස්වැන්න දෙකෙන් පංගුවකට වඩා අඩුවෙන් ලැබෙන බවයි, ගොවීන් පවසන්නේ.

    වැළඳී ඇති කහ රෝගයට සහ දිලීර රෝග වලට තෙල් බෙහෙත් වලට විශාල වශයෙන් මුදල් වියදම් යන බවත් එසේ වියදම් කිරීමේ දී අවසානයේ දී එළවළු මිල කොපමණ ඉහළ ගියත් ලාභයක් නැති බවත් යටලවත්ත ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 09:01

    Latest News