කාර්යක්ෂම රාජ්‍ය සේවයකට අවංකව කැපවිය යුතුයි-ජනපති ලේකම් (ඡායාරූප,වීඩියෝ)

ජන 01, 2020
  • කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවකයන් අවංකව කැපවිය යුතුයි; ජනාධිපති ලේකම් නව වසරේ වැඩ අරඹන සමස්ත රාජ්‍ය සේවකයන්ට කියයි.

    “රට හදන සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරි කරගත් කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවකප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.

    රට හදන වැඩපිළිවෙළේ දී රාජ්‍ය සේවය කෙරෙහි ජනාධිපතිවරයා දැඩි විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.
    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ජාතික ධජය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ වූ උත්සවයේ දී යුද්ධයේ දී දිවි පිදු රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබීය.අනතුරුව සාමූහිකව රාජ්‍ය සේවා ප්‍රතිඥාව සපථ කරනු ලැබිණි.

    කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් බිහිකිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රමුඛ අභිලාෂය බව පැවසු ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන් ලබන වැටුපට එහා ගිය සේවාවක් රට වෙනුවෙන් ඔවුන් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද කියා සිටියේය.

    “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම වන්නේ රාජ්‍ය සේවය මහජනතාවට බරක් නොවිය යුතුය යන්නයි. ඉකුත් වකවානුව තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව චාරිත්‍රයකට පමණක් සීමා විම තුළ ජනතාව අගය නොකරන තැනකට රාජ්‍ය සේවාව පත් විය” රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව අතර පවතින වෛරය අවසන් වන අන්දමින් සියලු රාජ්‍ය සේවකයන් සිය වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද ලේකම්වරයා පැහැදිළි කළේය.

    රාජ්‍ය සේවය සඳහා අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය රාජ්‍ය සේවය කිසිවිටෙකත් බරක් ලෙස නොසළකයි. ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ ඉන් ලැබෙන ප්‍රතිඵලය සහ මහජන යහපත ඉහළ නැංවිම බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    pb--01.jpg

    pb--01-1.jpg

    pb--00.jpg

    pb--04.jpg

    pb--02.jpg

    pb--03.jpgpb--05.jpg

     

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 20:09

    Latest News