ඉගිලෙන මාළුවෝ එක්ක 4වැනි තට්ටුවට ගිය කෞශල්‍යා (වීඩියෝ)

මාර් 23, 2019
  • කුඩා කළ සිය නිවසේ ආශාවට සෙල්ලම් ගෙවල් දැමු විට ගුරුවරියක් ලෙස සීයාට සහ අච්චී අම්මට ඉගැන්වු ඇය මෙරට වේදිකාවේ නොමැකෙන නමක් සටහන් කළ සෝමලතා සුබසිංහගේ සහ කිර්තිමත් පරිපාලන නිළධාරියෙකු වු ලයනල් ප්‍රනාන්දුගේ මහතාගේ ආදරණීය දියණිය වු කෞෂල්‍ය ප්‍රනාන්දුයි.

    සිය පවුල තුළින් නිතැතින්ම ලැබූ සියලු දායාදන් සහ ආශිර්වාදයන් තුළින් ඇය වේදිකාව, සිනමාව සහ පුංචි තිරයේ අපුර්ව චරිත තුළ ජිවත්වු අපේ කාලයේ කාන්තාවකි. ඇය සෑම අවස්ථාවකම කලාව තුළින් පෙනී සිටියේ පීඩිත පන්තියේ කාන්තාවකගේ දුක සහ සතුට මතුකරවන සමාජයේ යතාර්තය වෙනුවෙනි. රූ නිව්ස් වෙබ් අඩවියේ රූ ආර්ට් පිළිසඳරට එක්ව‍ෙමින් කෞෂල්‍ය ප්‍රනාන්දු කියා සිටියේ විශ්ව විද්‍යාල බාහිර කාතිකාචාර්යවරියක් ලෙසින්  අනාගත පුරපුර ගොඩනැගීමේ කාර්යට දායක වන බවයි.    

    Runews - කොහොමද මේ දවස්වල? මොකද කරන්නේ?

    කෞශල්‍යා - බාහිර කථිකාචාර්යවරියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ..අපි දරුවන් සඳහා ක්‍රියාකාරකම් පාඨමාලාවක් කරගෙන යනවා..මව වන සේමලතා සුභසිංහ විසින් ආරම්භ කරන ලද "සේමලතා සුභසිංහ ප්ලේ හවුස්" කියන නාට්‍ය ආයතනයේ..

    Runews - පවුලේ විස්තර කියනව නම්?

    කෞශල්‍යා - මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා..නිවුන් දරුවන්..ස්වාමිපුරුෂයා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරවරයෙක්..

     Runews - ඔබ ඇත්තටම ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ කුමන මාධ්‍ය හරහාද?

    කෞශල්‍යා - මම අවුරුදු 7 හෝ 8 දී ගුවන්විදුලියේ නාට්‍යයක රඟපෑවා..'තාත්තා ලෙඩින් - අපි නුවර යනවා' කියන නාට්‍යයේ..ඉතින් අපේ අම්මට සිද්ධ වුණා ඔක්කොම පැත්තකින් තියලා මාව ආම්බාන් කරන්න..ඒ වසරේ හොඳම ගුවන්විදුලි ළමා රංගන ශිල්පිනිය විදිහට මට සම්මානයක් ලැබුණා..

    Runews - ඔබ ප්‍රේක්ෂකයා ගොඩක් වැලද ගන්නේ ටෙලිනාට්‍ය හරහා

    කෞශල්‍යා - මම මුලින්ම රඟපෑවේ 'දුන්හිද අද්දර' ටෙලිනාට්‍යයේ..ඒක හරහා තමයි මිනිස්සු මාව දැන ගත්තේ..මම වේදිකාව තුලත් රඟපාලා තියනවා.. ඊට පස්සේ මම රඟපෑවා 'දියකැට පහන' කියලා අශෝක හඳගමගේම ටෙලිනාට්‍යයක..ඒකෙ මම රඟපෑවේ ජීවිතයත් එක්ක හැප්පෙන බොහොම පීඩනයට පත්වුන කාන්තාවකගේ චරිතයක්..මම කැමතී මාව අභියෝගයට ලක්වන හා යම්කිසි චින්තනයක්, සිතුවිල් ඇතිකරන්න ප්‍රේක්ෂකයා තුල..

     Runews - සිනමාවේදීත් ඔබට හමුවෙන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂකවරයා ලෙස 'සඳ දඩයම' චිත්‍රපටය. මේ සිනමාවේ චරිතය ටිකක් වෙනස්.. චිත්‍රපටය ලංකාවේ තිරගත වෙන්නේ නෑ.

    කෞශල්‍යා - තිරගත නොවීම හේතුව වුනේ, අශෝකට අවශ්‍ය වුණා..පසුව හඩකවන්නේ නැහැ..මේක ඔහු පර්යේක්ෂණයක් විදිහට කළා මේ 'සඳ දඩයම' කියන චිත්‍රපටයට..ඒක සාර්ථක වුනේ නැහැ..සමහරවිට ඒ චිත්‍රපටය ආවනම් මගේ චරිත මීට වැඩිය වෙනස් වෙන්න තිබුණා..

    Runews -  ඔබ නිරූපණය කළ බොහොමයක් චරිත අසාධාරණයට ලක්වෙන කාන්තාවන්... මේ චරිතවලට සාධාරණයක් ඉෂ්ඨවුණා?

    කෞශල්‍යා - හැම එකටම පුළුවන්වුණාද කියලා මම දන්නෑ..ප්‍රේක්ෂකයෝ තමයි ඒක තීරණය කරන්න ඕන..මම හිතනවා බොහෝ දුරට ඔව් කියලා..

    Runews - 'පිහාඹන මාළුවෝ' කෞශල්‍යා ප්‍රනාන්දුගේ තවත් කටුක අත්දැකීමක්.. ඇත්තටම මොකද වුනේ?

    කෞශල්‍යා - කාලයක් තිබ්බා.. නිර්මාණ කරන්න ඕන පොලීසියට දන්වලා.. ඔය චිත්‍රපටියේ ආමි ඇදුම් ඇඳගෙන හිටියේ ඇත්තම ඒවා කියලා ගැටලුවක් ඇතිවුණා..ඒකට මේ රංගන ශිල්පීන්ව 4 වැනි තට්ටුවේ පැය ගණන් ප්‍රශ්න කළා..මම හිතන්නෑ ඒක එහෙම වෙන්න ඕන දෙයක්ද කියලා..

    Runews - ඔබ රඟපෑ චරිතවලට නිවැරදි ඇගයීමක් ලැබුණා කියලා හිතනවා?

    කෞශල්‍යා - ලංකාව තුල ලබන්න පුළුවන් ඇගයීමට ලක්වෙලා තියනවා..

    Runews - කලා පවුලකින් එනවනම් ක්ෂේත්‍රයට එන්න ලේසියිද?

    කෞශල්‍යා - දෙමාපියන්ගෙන්නම් උපරිම සහයෝගය ලැබුණා..ඒත් ක්ෂේත්‍රය තුළ විශේෂ පහසුවක් වුනේ නැහැ..මවගේ මිතුරෝ විශාල ප්‍රමාණයක් හිටියා සිනමා අධ්‍යක්ෂකවරු..ඒ පරම්පරාවම මාව යොදා ගත්තේ නැහැ..හේතුව වුනේ මගේ රූපය..සිනමාවට මාව ගත්තේ අපේ පරම්පරාවේ අශෝක හඳගම.. මගේ පියා ලයනල් ප්‍රනාන්දු හැමදාම නාට්‍ය පුහුණුවීම්වලට එක්ක යනවා..චිත්‍රපටි බලන්න යොමුකරවනවා..පිටපත් කියවනවා..ඔහු කියනවා ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ නිලියක් වෙන්න ඕන නෑ..ලෝක සිනමාව දිහා ඔයා බලන්න..ඒ අනූව රඟපාන්න ඕන කියලා...'ඛාන්' චිත්‍රපටි උළෙලට, 'වෙනිස්' චිත්‍රපටි උළෙලට මට යන්න ලැබුණා ඒ නිසා..

    Runews - වැඩියෙන්ම කැමති රංගනයට ද? ගුරු වෘත්තියට ද?

    කෞශල්‍යා - මම දෙකටම එක වගේම කැමතියි..

    Runews - සිනමාවෙන් ඔබ දැන් ඈත් වෙලාද?

    කෞශල්‍යා - අපේ වයසට ආවහම ලැබෙන චරිත හරි අඩුයි..

     

    Runews - සුමිත් පෙරේරා/ කෞෂි රාජපක්ෂ

    නිවේදිකා - නිසංසලා රත්නායක

     Kaushalya2 900px 19 03 23

    Last modified on බදාදා, 31 ජූලි 2019 20:36

    Latest News