ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් වූ උන්වහන්සේලාගේ අදහස් සහ යෝජනා ද ජනපතිට ඉදිරිපත් කෙරේ
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව තවත් පුද්ගලයෙකු හඳුනා ගැනීම සදහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටි. මොහු කොච්චිකඬේ දේවස්ථානයට බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගැනීමට සහ එහි නවීකරණයන් සඳහා සහභාගී වී සිටි අයෙකු බව පොලීසිය පවසයි.
වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක හිමිපාණන් වහන්සේලා ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් වූ උන්වහන්සේලාගේ අදහස් සහ යෝජනා ද ජනපතිට ඉදිරිපත් කෙරේ
හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටුවැව, නාගර වැව ප්‍රදේශයේ වලක වැටි සිටි මස අටක පමණ කුඩා අලි පැටවෙකු බෙර ගැනීමට සමත්වේ.
ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටියේ තඹ කම්හලේ සේවය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කරුප්පයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට අවසර ලබා දුන්නේය.
වැඩ බලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
අද(13) ප.ව.2:00 සිට කුලියාපිටිය, දුම්මලසූරිය, හෙට්ටිපොල, බිංගිරිය, රස්නායකපුර, කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශයවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
මෑතකදී බම්බලපිටිය පොලිස් වසම තුළ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ චැසි අංකය මෙරට දී බද්ධ කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.