හලාවත නගර සීමාවට හෙට උදේ 6.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය හෙට උදේ 4.00 දක්වා පමණක් පැනවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගෙන රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කිරීමට යම් යම් කොටස් කටයුතු කරන බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
යුධ හමුදාව සහ පොලිසිය විසින් ඊයේ (11) ගල්කිස්සේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන වීඩියෝව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදි කරුණු අනාවරණය කළේය.
පානදුර හිරණ ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු ජාවාරමක් අල්ලා ගැනිමට අද පානදුර දූෂණ මර්දන ඒකකය සමත්විය.
ජාතීන් අතර අසමගිය ඇති නොවන ලෙස සියලු දෙනා කටයුතු කළ යුතු බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
හලාවත නගරයට පැනවු පොලිස් ඇදිරි නීතිය හෙට (13) අලුයම 4ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් නාවික හමුදාවට ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක ‘ෂර්මන්’ නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදමලට මුවාවී විනිසුරුවන් ගැන බොරු ප්‍රචාර කරමින් ජනතාව මුලා කිරිමට උත්සහ කරන බව ඇමති තලතා අතුකෝරල පවසයි.
අයි.එස්.අයි.එස්. සංවිධානයට රටේ සංවර්ධනයවත්, ආර්ථික දියුණුවවත්, එදිනෙදා වැඩකටයුතුවත් කඩාකප්පල් කිරීමට ඉඩනොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රත්නපුරේදී පැවසීය.