UNREAL UNREAL BY JASSEN TODOROV

පිරිසිදු හුස්මට එරෙහි වූ නිපැයුම සොහොන් බිමකට

දෙසැ 10, 2019

    අමෙරිකා එක්සත් ඡනපදයේ කැලිෆෝනියාවේ මොහාවි (Mojave) කාන්තාරයේ පිහිටි වාහන සොහොන් බිමක දර්ශනයකි මේ.

    වර්ෂ 2009-2015 කාලයේ නිෂ්පාදිත වොක්ස්වාගන් හා අවුඩි රථ ලක්ෂ 3 1/2ක් පමණ මෙහි දිරාපත් වීමට අත්හැර දමා ඇති බව වාර්තාවේ.

    VW10.jpg

    අත්හැර දැමූ ගුවන් යානා නවතා තබන දකුණු කැලිෆෝනියාවේ වික්ට්‍රොවිල් නමින් හඳුන්වන සැපයුම් ගුවන් තොටුපලක් ආශ්‍රිතව වොක්ස්වාගන් සමාගමේ අදාළ වාහන අංගනය පිහිටා තිබේ.

    නැෂනල් ඡියෝග්‍රෆි සගරාව ස්වාභාවිකත්වය නැමති තේමාව යටතේ 2018 වසරේ හොදම ඡායාරූපයට හිමි සම්මානය, ජැන්සන් ටොඩොරොව් (Jassen Todorov) විසින් ගන්නා ලද මෙම ඡායාරූපයට හිමිවිය. ඔහු එය නමිකර තිබුණේ ''UNREAL'' ලෙසටය.

    ලොව අංක එකේ වාහන නිෂ්පාදකයාට මෙසේ සිදු වූයේ ඇයි?

    එයට හේතුව වන්නේ වොක්ස්වාගන් සමාගමේ 2015 දී නිර්මිත ඩීසල් වොක්ස්වාගන් රථ මාදිලියේ ප්‍රමිතිගත වායු විමෝචනය පිලිබඳ ගැටළුවකි. වොක්ස්වාගන් සමාගම, මෙම රථ මාදිලිය වායු විමෝචන පරීක්ෂණයෙන් සමත් වීම සඳහා වංචා සහගත ලෙස යම් මෘදුකාංගයක් යොදා ගෙන තිබිණ. 2016 වසරේ අනාවරණය වූ මේ සිදුවීමෙන් පසු අමෙරිකානු අධිකරණය නියෝග කළේ මේ මාදිලියේ ලක්ෂ 5ක් පමණ සියළු වාහන සඳහා නැවත මුදල් ගෙවන ලෙසයි. ඊට අමතරව පාරිභෝගිකයින් සඳහා දඩ මුදලක්ද නියම කළේය.

    එකී මුදල් නැවත ලබා දීමට 2019 වර්ෂය දක්වා කල් ලබාදී තිබේ. මෙම රථ මිලදී ගත් පාරිභෝගිකයින්ට නැවත ගෙවිය යුතු මුදල ඇ. ඩොලර් බිලියන 14.7 කි. 2018 වර්ෂය වන විට ඒ වෙනුවෙන් වොක්ස්වාගන් සමාගම. ඩොලර් බිලියන 7.4 ක් ගෙවා තිබිණ. එක්සත් ඡනපද අධිකරණ වාර්තාවකින් පෙන්වා දි තිබුනේ උක්ත සමාගම මෙම මෝටර් රථ 13,000 ක් නැවත විකුණා ඇති බවත් 24,000 ක් සම්පුර්ණයෙන් විනාශ කර ඇති බවත් තවත් 294,000 ක් ගබඩා කර ඇති බවයි.

    එම අංගනයක ඡායාරූපය කිහිපයකි මේ...

     VW1.jpg

    VW2.jpg

    VW3.jpg

    VW4.jpg

    VW5.jpg

    VW6.jpg

    VW7.jpg

    VW8

    VW9

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 16:54

    Latest News