ජිවිතයක් බේරාගත් වනජිවි නිළධාරියෙකු තුවාල ලබයි (ඡායාරූප)

මැයි 13, 2019

    හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටුවැව, නාගර වැව ප්‍රදේශයේ වලක වැටි සිටි මස අටක පමණ කුඩා අලි පැටවෙකු බෙර ගැනීමට සමත්වේ.

    නාගර වැව ප්‍රදේශයේ වලක කුඩා අලි පැටවෙකු වැටි සිටින බවත් ඒ අසල මව් ඇතින්නද සිට මාර්ගයේ ගමන්කරන්නන් පසුපස එලවමින් පහර දීමට තැත් කර තිබේ. මේ පිළිබඳව ප්‍රදේශ වාසින් විසින් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

    ඒ අනුව වනජීවී නිලධාරින් පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව අලි පැටවා මඩ වලේන් ගොඩට ගෙන තිබේ. අලි පැටවා ගොඩට ගැනිමෙන් පසු මවු ඇතින්නට බාර දීමට කටයුතු කැර ඇත. කෙසේ වෙතත් මෙහෙයුම අතරතුර අලි වෙඩිල්ලක් පත්තුවීමෙන් වනජීවී නිලධාරියෙකු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කෙරිණ.

    අලි පැටවා වලින් ගොඩ ගැනිමේ අවස්ථාවේදි වනජීවී නිලධාරින්ගේ උපදෙස් නොතකා යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කළ අඹු සැමි යුවලකටද ඇතින්න පහරදීමට තැත්කළ බව අප වාර්තාකරු පවසයි. මෙහෙයුමට හම්බන්තොට වනජීවී කාර්යාලේ අඩවි ආරක්ෂක සමන් පාලිත මහතාගේ මුලිකත්වයෙන් ,වනසත්ව නියාමක ජනක සුරංග , සම්පත් , ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

    babyelephant1 px 900 19 05

    babyelephant2 px 900 19 05

    babyelephant3 px 900 19 05

    Latest News