වලෙන් ගොඩවිත් අම්ම සමඟ යන්න බැහැ කිව් අලි පැංචන්

මැයි 06, 2019

    ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි කුඩා වලකට වැටි සිටි කුඩා අලි පැටවුන් දෙදෙනකු වනජීවී නිලධාරීන්ගේ පැය තුනක පමණ දැඩි වෙහෙසක මෙහෙයුමකින් පසු ගොඩගනු ලැබිණි.

    කලාවැව රක්ෂිතයේ වන අලින් ගම්වැදී යන අතරදී පැටවුන් දෙන්නා ලිදකට වැටී ගොඩ ගැනීමට මව් ඇතින්නන් දෙදෙනා උත්සහ කළ ද නොහැකි වි තිබේ. පසුව ගල්කිරියාගම වනජීවී නිලධාරීහු පැමිණ මව් ඇතින්නියන් අලිවෙඩි ගසා පලවා හැර බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන පැටවුන් ගොඩගැනීමට කළ උත්සහයේ ඇතින්න වනජීවී නිලධාරීන්ට පහරදෙන්නට උත්සහා කල බව අප වාර්තාකරු පවසයි.

    පසුව වනජීවී නිලධාරීහු ජිවිත අවධානම නොතකා අලි පැටවුන් දෙදෙනා ගොඩගැනීම සිදුකලේය.

    පළමුව වලෙන් ගොඩවූ එක පැටවකු සිය මව සිටි කැලැවට ගියද පසුව ගොඩට පැමිණි පැටවා මව ළගට නොගිහින් නැවත වනජීවී නිලධාරින් අසලට පැමිණ කැලෑවට නොයා රැදී සිටීමට උත්සහා දැරීම සුවිශේෂී සිද්දියකි. පසුව වනජීවී නිලධාරීහු කුඩා පැටවා තල්ලු කරගෙන ගොස් සිය මව සිටින ආසන්නයට ගෙනගොස් දැමීමට පියවර ගෙන තිබේ.

    babyelephant2 px 900 19 05

    babyelephant2 px 900 19 05

    Latest News