ඊශ්රායල් රැකියා ලබා දෙන බව පවසමින් වංචනිකව මුදල් ලබාගන්නා පිරිසක් මේ දිනවල විවිධ ස්ථානවල ජාවාරම්වල නිරතව සිටින බවට තොරතුරු ලැබි ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මේ වන විට ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මේ අතර 2004 ජනවාරි මස සිට මේ දක්වා ශ්රී ලාංකික සාත්තු වෘත්තිකයින් 929ක් ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඊශ්රායලයේ සාත්තු සේවා සඳහා රැකියා ශ්රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනූවයි. එම නිසා සාත්තු සේවා රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් දීමෙන් වළකින ලෙසයි, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාට දැනුම් දෙන්නේ. Twitter