සරුංගලයේ මාරයාගෙන් ජීවිතය නූලෙන් බේරෙයි

ඔක් 07, 2024
    දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදි අධිබලැති විදුලි රැහැනකින් විදුලි සැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    ඔවුන් බණ්ඩාරගම, කුරුඳුවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.

    තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට සරුංගල් යවමින් සිටියදී ඒ ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක සරුංගලය පැටලී ඇත. අනතුරුව, ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදි තිබෙනවා.
     
    විදුලි සැර වැදීමෙන් දෙදෙනාගේ අත්වලට පාදවලට , උදරයට පපු ප්රදේශයට ගෙලට දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති අතර හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මූලික ප්රතිකාර ලබා දී කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ බවයි, අප වාර්තාකරු පවසන්නේ.
     
    එම සිද්ධියත් සමගම ප්රදේශයේ විදුලිය විසන්ධි වී තිබූ අතර මිල්ලනිය විදුලි උපපොළේ සේවකයන් පැමිණ විදුලිය යථාවත් කිරීමට පියවර ගෙන තිබුණා.

    Latest News