සුදු රත්තරන් උඩ එයි ලුණු තට්ටුව යට යයි

අගෝ 27, 2024

    ඇටකාමා කාන්තාර ප්‍රදේශයේ පිහිටා ඇති චිලී රාජ්‍යය ලොව දෙවන විශාලතම ලිතියම් නිෂ්පාදකයායි. ඔවුන් දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවටයි.

    සුදු රත්තරන් යනුවෙන් හඳුන්වන ලිතියම් ඉතා වටිනා ලෝහයකි. ලොව හරිත බලශක්ති භාවිතය ඉහළ යාමත් සමග විදුලි වාහන බැටරි සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය සඳහා ලිතියම් ඉල්ලුම ඉහළ ගොස් ඇත.

    චිලී ආර්ථිකය ඇටකා‍මා කතරේ දැවැන්ත ලිතියම් සංචිත නිස්සාරණය මත රඳා පවතින අතර නිස්සාරණ ක්‍රියාවලිය සඳහා අතිවිශාල ජල ප්‍රමාණයක්, පස හා ජලය අපවිත්‍ර කරන හානිකර රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමත් සිදුවේ.

    එහි අතුරු ප්‍රථිඵලය වී ඇත්තේ ගීසර්, දුර්ලභ පක්ෂීන් සහ දැවැන්ත ස්වභාවික ලුණු තට්ටුව සහිත භූමි ප්‍රදේශය ගිලා බැසීමේ තර්ජනයට ලක්ව තිබීමයි. ගණනය කිරීම් වලට අනුව වසරකට සෙ.මී. 1ත් 2ත් අතර ප්‍රමාණයකින් මෙම ගිලා බැසීම සිදුවේ.

    ඇටකාමා ලුණු තට්ටුව චිලියේ විශාලතම ලුණු නිධිය වන අතර එය රළු සුදු ලුණු මතුපිටකින් සහ අභ්‍යන්තරයේ විශාල ලුණු විලකින් සමන්විතය. ලුණු තට්ටුව වර්ග කිලෝමීටර 300,000 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී.

    Latest News