රාජ්‍ය ආයතන ඩිජිටල් කරන්න කැබිනට් අනුමැතිය

අගෝ 06, 2024

    රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සහ දත්ත ඇතුළත් කිරීමෙන් කරුණු 4ක් යටතේ කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කර ඇත.

    සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යටතේ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    Latest News