ජාතික ශාසනික මෙහෙවර අවසන් කරමින් රාහුල හිමියන් නික්ම යයි

ජූනි 07, 2024
    සියනෑ කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්යම යක්කඩුවේ රාහුල හිමියන් අපවත්වී තිබෙනවා.

    ආදාහන පූජෝත්සවය ලබන 9 වැනිදා සවස ගම්පහ පහළයාගොඩ ස්වර්ණපාලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    පූජ්‍ය යක්කඩුවේ රාහුල හිමියන් ගම්පහ පිළිකුත්තුව රාජමහා විහාරයේ සහ ඉහළයාගොඩ ශ්‍රී සුගතනන්දනාරාමයේ විහාරාධිපති ලෙසද කටයුතු කළා.
    දේහය, අද පස්වරු 5.00 දක්වා පිළිකුත්තුව රාජමහා විහාරයේ තැන්පත් කොට තැබෙන අතර, පසුව යාගොඩ සුගතනන්දනාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි.

    Latest News