සියලු ඇස් රෆා වෙත

මැයි 30, 2024

    "All eyes on rafah" (රෆා වෙත සියලු දෙනාගේ අවධානය) යනු ඊජිප්තු දේශසීමාව අසල ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි නගරය වන Rafah හි දැනට පවතින ඛේදජනක යුධමය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන සටන් පාඨයක් සහිත කෘතිම බුද්ධිය (AI) ජනනය කරන ලද රූපයකි.

    මේ වන විට නළු නිළියන් ඇතුළු ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින චරිත විසින් මෙය තම සමාජ මාධ්‍යන් හරහා ජන ගත කිරීමට පටන් ගෙන තිබේ.

    යුද්ධය හෙළා දැකීම සඳහා ඔවුන් විසින් මෙම රූපයට ගාසා තීරයේ කූඩාරම් අන්තරගත කර ඇත.

    අයර්ලන්ත නිළියක වන නිකොලා කෝග්ලන්, අමෙරිකානු විකට නළුවෙකු සහ ලේඛකයෙකු වන හසන් මින්හාජ්, අමෙරිකානු නළු ආරොන් පෝල්, බ්‍රිතාන්‍ය නළුවෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන ජමීලා ජමීල් සහ බ්‍රිතාන්‍ය ගායිකා ඩුවා ලිපා, වරුන් ධවාන්, ප්‍රියංකා චොප්රා , ආලියා භාත් සහ කරීනා කපූර් ඛාන් ඇතුළු ප්‍රසිද්ධ ඉන්දීය නළු නිළියන් සිය සමාජ ජාලා ගිණුම් වල මෙය පළ කර ඇත.

    රෆා හි සරණාගත කඳවුරකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු පලස්තීනුවන් 45 දෙනෙකු පමණ ඝාතනය කිරීමෙන් පසුව ලෝප්‍රකට මෙම පුද්ගලයින් මෙම කටයුත්ත සඳහා දායක වී ඇති අතර මෙම ඡායාරූපය මේ වන විට මිලියන ගණනක පරිශීලකයින් හුවමාරු කර ගෙන ඇත.

    Latest News