මුරුංගා දිනය

අප්‍රේ 15, 2024

    ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකය පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රයේදී රට පුරා සිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.

    අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකත් චාරිත්‍රය වන පැළ සිටුවීම 18 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාර පරිශ්‍රයේදී පැවැත්වෙන බවත් එය ‘මුරුංගා දිනය’ ලෙස අමාත්‍යාංශය මගින් නම්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

    ඒ අනුව එදිනට අධිපෝෂණීය මෙන්ම ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැළ කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පැළ සිටුවීම සඳහා අවශ්‍ය මුරුංගා පැළ 18 වැනිදා ගංගාරාම විහාර පරිශ්‍රයේදී අවශ්‍ය අයට ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

      

    Latest News