මප්වතුහිරිපිටිය සිද්ධියේ සැකකරු අල්ලයි

පෙබ 12, 2024
    පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ගිනි අවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පුද්ගලයෙකු බිංගිරිය ප්රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීම සිදුවූයේ පසුගිය සෙනසුරාදා.

    මල්වතු හිරිපිටිය පොලීසියේ නිලධාරියෙකු මෙම සිද්ධියට මුහුණ දුන්නා.

    ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    සැකකරු වතුරගම ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සතුව තිබී මිලිමීටර 9 ජීව උණ්ඩ තුනක්, හිස් කොටපු දෙකක් සමග ත්රිරෝද රථයක්ද පොලිස් බාරයට ගැනුණා.
     
    සැකකරුට සැඟව සිටීමට අනුබල දුන් උඩබද්දාව ප්රදේශයේ 35 හැවිරිදි කාන්තාවක්ද බිංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    Latest News