යුක්තියට තවත් පිරිසක් කොටු

ජන 31, 2024
    යුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 499 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්යංශය පැවසනවා.

    මෙහෙයුම්වලදී හෙරොයින් ග්රෑම් 146ක්, අයිස් ග්රෑම් 119ක් ඇතුළු මත්ද්රව්ය එහිදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
     
    සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්රව්යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 04 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්යංශය පවසනවා.

    Latest News