වේගය මරුවා නොකැදවා නූලෙන් බේරයි

නොවැ 17, 2023
    දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් මගී බස් රථයක් අද (17) අලුයම 3.40 ට පමණඅනතුරකට ලක්වී තිබෙනවා.

    වාද්දුව පොතුපිටිය ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව ඇත්තේ.

    බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
     
    මගීන් සුළු පිරිසක් පමණක් ඒ මොහොතේ බස් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
     
    විදුලි කණුවක් සහ දුරකථන කණුවක් කඩාගෙන ගොස් ඇති අතර අසළ නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින්ම හානි සිදුකරමිනුයි බස් අනතුර සිදුව ඇත්තේ.
     
    අනතුරෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවයි, පොලීසිය සැකකරන්නේ.

    Latest News