හම්බැක්‌ තල්මසුන්ට හොඳ කලක්

අප්‍රේ 08, 2021

    වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින හම්බැක්‌ තල්මසුන්‌ එම සංරක්‍ෂණ ලැයිස්තුවෙන්‌ ඉවත්‌ කිරීමට ගෝලීය සංරක්ෂණවේදීන්‌ ක්‍රියා කරමින්‌ සිටිනවා.

    නවතම දත්ත වාර්තාවලින්‌ සොයා ගනු ලැබ ඇත්තේ, එම සතුන්ගේ ගහනය ශීඝ්‍රයෙන්‌ වැඩිවී ඇති බවයි.

    දැනට පවතින ගහනය හම්බැක්‌ තල්මසුන්ගේ පැවැත්මට ප්‍රමාණවත්‌ වන අතර, එම නිසා තවදුරටත්‌ හම්බැක්‌ තල්මසුන්‌ සංරක්‍ෂණය කිරීමේ ලැයිස්තුව තුළ‌ නම් කිරීම අනවශ්‍ය බව විද්‍යාඥයින්‌ පෙන්වා දෙනවා. පර්යේෂණ හා සමුද්‍ර සංරක්‍ෂණ සංවිධානය මීට පෙර සිදු කළ සමීක්‍ෂණවලට අනුව එම සතුන්‌ වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවට ප්‍රකාශ කෙරුණා.

    එහෙත්, නව වාර්තා අනුව ඔස්ට්‍රේලියානු මුහුදු තීරයේ පමණක් හම්බැක් තල්මසුන් 40,000 කට වැඩි‌ ප්‍රමාණයක්‌ ජීවත් වන බවටයි ගණන් බලා ඇත්තේ.

    සත්ව ගහනය ඉහෙළ ගියද මෙම තල්මසුන් සංරක්ෂණ ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව ඇතැම් විද්‍යාඥයින් අවිනිෂ්චිත තත්වයක පසුවන බව විදෙස්‌ මාධ්‍ය සඳහන්‌ කරනවා.

    Latest News