ක්‍රිකට් නායක විරාත් කෝලි පිය පදවිය ලබයි

ජන 12, 2021

    කි‍්‍රකට් ලොව සුපිරිතම කී‍්‍රඩකයෙක් වන ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි පිය පදවිය ලබා තිබෙනවා.

    ඔහු විවාහ වි සිටින ජනපි‍්‍රය බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මා, දියණියකට උපත දුන් බව නිල ප‍්‍රකාශයක් සිදුකරමින් විරාත් කෝලි අද පැවසුවා.

    ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට නායකත්වය දෙමින් ඔහු ඉකුත් දා ඔස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයට එක්වූ අතර තවත් තරග 02 ක් ඉතිරිව තිබියදී පළමු තරගයෙන් පසු කෝලි පෙරළා ඉන්දියාවට පැමිණියා. ඒ, සිය බිරිඳගේ පළමු දරු ප‍්‍රසූතිය වෙනුවෙන්.

    2017 වසරේ විවාහ දිවියට එළඹෙන කෝලි, අනුෂ්කා යුවළ තමන්ට දරුවෙකු ලැබීමට සිටින බව ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා.

    Latest News