හිමවලසුන්ට අනතුරක් අත ළග

ජූලි 21, 2020

    ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය නොකළහොත්, මෙම සියවස අවසන් වන විට හිම වලසුන් මෙලොවින් තුරන්ව යනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.

    විද්‍යාඥයින් පවසන්නේ, දැනටමත් හිමවලසුන් ඉතා අනතුරුදායක තත්වයකට මුහුණ දී ඇති බවයි.

    විද්‍යාඥයින් පවසන්නේ, ආර්ටික් කලාපයේ අයිස් තට්ටු දියවීම හේතුවෙන් ඔවුන්ට ජීවත් වීම හා දඩයම් කිරීම ඉතා අපහසුවී ඇති බවයි. එවිට ඔවුන්ට ආහාර සොයා ගැනීම ඉතා අපහසු කාර්යක් වනු ඇති. හිම වලසුන් මේ වන විටත් ආහාර සොයා ගැනීමේ දී විශාල ගැටලුවකට මුහුණපාන බවයි, විද්‍යාඥයින් පවසන්නේ. හිම තට්ටු දියවීමට සාපේක්ෂව හිමවලසුන්ගේ ගහනය ද අඩුවී ඇති බවයි, විද්‍යාඥයින් පවසන්නේ. ලොව පුරා විශාල අර්බුදයක්වී ඇති ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කර ගැනීමට ලෝක නායකයින් වහා පියවර ගත යුතු බව, විද්‍යාඥයින් දැඩි ලෙස අවධාරණය කර සිටියි.

    එසේ නොවුනහොත් හිමවලසුන් වදව යාම පමණක් නොව තවත් ප්‍රබල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි, විද්‍යාඥයින් අනතුරු අගවන්නේ.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 16:57

    Latest News