දඩයක්කරුවන්ගෙන් බේරී පළා ආ වැලි මුවා

පෙබ 10, 2020

    දඩයක්කරුවන්ගෙන් බේරී පළා ඇවිත් නිවසක් තුළට පැමිණි හොඳින් වැඩුණු වැලි මුවෙකු අල්ලා පොලිසියට බාරදීමට බගවන්තලාව, ආරියපුර ගම්වාසීන් පියවර ගෙන තිබේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමඟ වන සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් පිරිස් රක්‍ෂිතවලට ගිනි තබන අයුරු දක්නට ඇත. වැලි මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් තේ වතු ආශ්‍රිතව ගැවසීමට පටන් ගෙන තිබේ. ඊට හේතු වී ඇත්තේ, ගිනි තැබීම්වලින් සහ සුනඛයන්ගෙන් ආරක්‍ෂාවීමට මෙම සතුන් උත්සාහ ගැනීම නිසා. වැලි මුවා වනජීවි නිලධාරීන්ට බාරදීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 09:29

    Latest News