වනඅලි පන්නන අඩු වියදම් භූත වෙඩිල්ල (වීඩියෝ)

ජන 31, 2020
  • වගා බිමට පැමිණෙන වන අලින් පන්නා දැමිය හැකි අඩු වියදම් වෙඩිල්ලක් නිෂ්පාදනය කිරීමට ගොවි මහතෙකු සමත්වූ පුවතක් ගල්කිරියාගමින් වාර්තාවේ.

    රුපියල් 30ක වැනි සුළු මුදලක වියදමින් තම වගා බිමට හෝ ගෙවත්තට පැමිණෙන වන අලින් පන්නා දැමීම හැකි මෙම වෙඩිල්ලට වන අලියා ඇතුලුවන බව සංඥාවක් නිකුත් වෙන අයුරින් ද සකසා ගත හැකි බවයි එම ගොවි මහතා පවසන්නේ.

    ගල්කිරියාගම පලාගල ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි ඊ. ආර්. කේ. ගුණසිංහ ගොවි මහතා විසින් මෙම අපූරු වෙඩිල්ල නිෂ්පාදනය කර ඇති අතර ඔහු එය භූත වෙඩිල්ල ලෙස නම් කර ඇත.

    වනඅලි ගම් වැදී තම වගා බිමට පැමිණෙන නිසා ගොවින් නිදි වර්ජිතව සිටිති. එමෙන්ම වන අලින් පලවා හැරීම සඳහා රජය නොමිලේ ලබාදෙන අලි වෙඩි විශාල වශයෙන් පුපුරවා හරිති.

    රුපියල් 30ක වැනි සුළු මුදලක වියදමින් නිපදවන මෙම භූත වෙඩිල්ල නිසා වන අලියා ගම්වැදීම තම වගා බිමට ඇතුළු වීම සිදුවනවාත් සමග භූත වෙඩිල්ල පත්තු වීමෙන් ඒ බව ගම්වැසියන්ට සහ ගොවිමහතුන්ට දැනගැනීමට හැකි වන බව ගුණසිංහ මහතා පවසයි.

    භූත වෙඩිල්ල ස්වංක්‍රීයව පත්තු වීම නිසා වන අලියා බිය වී දිව යන බවත් ඒ හේතුවෙන් ගොවියින්ට වනඅලි එනතුරු මග බලා නිදි වර්ජිතව නොසිට තම වගාබිම් ආරක්ෂා කරගත හැකි බවයි ඔහු පවසන්නේ.

    මෙම අපූරු භූත වෙඩිල්ල ඕනෑම ගොවි මහතෙකුට නිෂ්පාදනය කර ගැනීමට හැකි බව හෙතෙම පෙන්වාදෙයි. එමෙන්ම එම භූත වෙඩිල්ල නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව ගුණසිංහ මහතා සරලව පැහැදිලි කරදීම ද විශේෂත්වයකි.

    කුඩා ගිනිපෙට්ටි දෙකක්, රතිඤ්ඤා කීපයක් හෝ අලි වෙඩිල්ලක්, රබර් පටි කිහිපයක්, පොලිතින් උරයක් හා කම්බි කීපයකින් මෙම භූත වෙඩිල්ල නිෂ්පාදනය කිරීම කර ගත හැකි බවයි ඔහු පවසන්නේ.

    මෙම භූත වෙඩිල්ල තම වගා බිමේ වටේ ස්ථාන කිහිපයක රඳවා තැබීමට හැකි බවත් අලියා තම වගා බිමට ඇතුළු වෙනවාත් සමඟ කුඩා කම්බිය අලියාගේ ස්පර්ශ වීමත් සමඟ එය ස්වංක්‍රීයව එල්ලා ඇති වෙඩි සෑම දෙසින්ම පත්තු වීම සිදුවෙන බව ගුණසිංහ මහතා පෙන්වා දෙයි.

    ගොවීන්ගේ වගා බිම් ආරක්ෂා කරගැනීම සඳහා තම දැනුම නොමිලේ ලබාදීමට හැකි බව ගුණසිංහ මහතා පවසයි.

    එමගින් කිසිදු හානියකින් තොරව වන අලින් පලවා හැරීම සිදු වන බැවින් එය ඉතා කාර්යක්ෂම බවයි ඔහු පෙන්වාදෙන්නේ.

    වන අලි එළවීම සඳහා විශාල මුදලක් රජයේ වියදම් කරමින් අලි වෙඩි බෙදා දෙන බවත් මෙම සුළු විදමින් නිපදවන භූත වෙඩිල්ල නිසා රජයේ මුදල් ඉතිරි වීම සිදුවන අතර වනඅලින් නිසා ඇතිවන අපහසුතා ද මගහැරී යන බව හෙතෙම පෙන්වා දෙයි.

    දිවා කාලයේ මහන්සි වී නැවතත් රාත්‍රියේ වන අලින් එළවීම සඳහා අවදියෙන් සිටින ගොවීන්ට මෙම භූත වෙඩිල්ල විශාල වශයෙන් උපකාර වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 31 ජනවාරි 2020 16:45

    Latest News