2019 මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග් කිරුළ දිනූ දිලූක රාජපක්‍ෂ දිවයිනට

දෙසැ 17, 2019

    2019 මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ දිලූක රාජපක්‍ෂ සමත්විය.

    මෑත කාලසීමාවේ පැවති විවාහක ලෝක රූ රැජින, ආසියානු විවාහක රූ රැජින, මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග් යන අන්තර් ජාතික තරගාවලි තුනේම කිරුළ ශ්‍රී ලංකාව සතුවීම විශේෂත්වයක්. මිස්ටර් වර්ල්ඩ් නෝබල් කිංග්-2019 තරගාවලියේ අවසන් මහා තරගය පිලිපීනයේදී පසුගියදා පැවැත්විණ. එහිදී, කිරුළ ප්‍රදානය කෙරුණේ, ස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග්, මිස්ටර් යුනිවර්ස් නෝබල් කින්ග් හා මිස්ටර් ඉන්ටනැෂනල් නෝබල් කින්ග් යන කාණ්ඩ තුන ඔස්සේයි. ශ්‍රී ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රය නියෝජනය කළ දිලූක රාජපක්‍ෂ, මිස්ටර් යුනිවර්ස් නෝබල් කින්ග් දිරුළ දිනා ගැනීමට මෙහිදී සමත් විය. ඔහු බෙස්ට් ඉන් ටැලන්ට් අනුකාණ්ඩය ජයගැනීම ද විශේෂත්වයක්. ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක තරගකරුවන් මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග් තරගාවලියට එක්වූහ. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්‍ෂ හා පුහුණුකරු වන්නේ, රුක්මාල් සේනානායක මහතායි. කිරුළ හිමිකර ගත් දිලූක රාජපක්‍ෂ අද උදේ දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපලේදී ඔහු උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    Latest News