විශ්ව රූ රැජින කිරුළ ද.අප්‍රිකාවට

දෙසැ 09, 2019

    දකුණු අප්‍රිකාවේ සෝසිබිනි ටුන්සි 2019 විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගැනීමට සමත්වූවාය.

    අවසන් මහ තරගය අමෙරිකාවේ ඇට්ලැන්ටාහිදී ඊයේ පැවැත්විණ. විශ්ව රූ රැජින තරගාවලිය මෙවර පැවැත්වුණේ, 68 වන වරට. එහි දෙවන හා තෙවන ස්ථාන හිමුවූයේ, මෙක්සිකෝ හා පුවෙටෝ රිකෝ යන රටවලටයි. කිරුළ දිනාගත් දකුණු අප්‍රිකානු සුරූපිනිය සඳහන් කළේ, කාන්තාව වර්තමාන ලෝකයට නායකත්වය ගත යුතු බවයි. ශරීර හෝ හිසකෙස් වර්ණය මත පමණක් අලංකාරය තීරණය නොවන බව ද ඇය පෙන්වා දුන්නාය. ඇයට අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ද සුබපැතුම් එක් කළාය. විශ්ව වරූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට ිමිවූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, 2017 වසරේ දී එම කිරුළ දිනා ගැනීමට ඔවුන් සමත් වූවාය.

    Latest News