“සුදු ඇඳගෙන කළු ඇවිදින්“ මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක්

ඔක් 06, 2019

    ජාතික රූපවාහිනියේ මෑතකදී ඉමහත් ජනප්‍රියත්වයට පත් “සුදු ඇඳගෙන කළු ඇවිදින්“ නාට්‍යයේ රඟ පෑ නවක නිළි මිෂෙල් දිල්හාරා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූවාය.

    ඒ ඇය කළ සමාජ මෙහෙවර අගයමින්. මිෂෙල් දිල්හාරා ඉන්දියිාවේ ජාතික තරුණ සම්මානය නවදිල්ලි නුවර දී හිමිකර ගත්තේ, 2019 ලෝක තරුණ සමුළුවට සමගාමීවයි. ඒ, අන්තර් ජාතික තරුණ කමිටුවේ සභාපති ජයන්ත පට්‍රා මහතා අතින්. සම්මානය ප්‍රදානය කෙරුණේ, ඇය විසින් රචනා කරන ලද “ සමාජ අදෘශ්‍යමාන බව මිත්‍යාවක් නොවෙයි එය පවතින්නක්“ යන කෘතිය වෙනුවෙන්.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ස්වාධීන සංවිධානයක් ලෙස අන්තර්ජාතික තරුණ කමිටුව සැලකේ. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමාගේ චරිතයට පණ පෙවූ ඔස්සේ නවක නිලි මිෂෙල් දිල්හාරා ප්‍රේක්‍ෂකයන් අතර දැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 15:47

    Latest News