“මිහිමත තනි නැත“ ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙලට

සැප් 22, 2019

    ආසියා ශාන්තිකර විකාශන සංගමයේ වාර්ෂික සම්මාන උළෙලෙහි වාර්තා වැඩසටහන් අංශයේ හොඳම වැඩසටහන් අතරට ජාතික රූපවාහිනියේ “මිහිමත තනි නැත“ නිර්මාණය තේරී පත්ව තිබේ.

    සම්මාන උළෙල නොවැම්බර් 21 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙන්නේ එම සංගමයේ වාර්ෂික මහ සභා සැසිවාරයට සමගාමීවයි. ගුවන් විදුලි, රූපවාහිනී හා නව මාධ්‍ය යන අංශය යටතේ මෙවර තරගාවලිය සංවිධාන කෙරේ. රූපවාහිනී වාර්තා වැඩසටහන් සඳහා අවසන් වටයට චීනය, ජපානය හා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වැඩසටහන් 4ක් තේරී පත්ව තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරිපත් කළ වැඩසටහන අධ්‍යක්‍ෂණය කර ඇත්තේ, වාර්තා වැඩසටහන් ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ චන්දන සෙනෙවිරත්න මහතායි. මෙම නිර්මාණයේ පිටපත ද ඔහු සතුවීම විශේෂත්වයක්.

    Latest News