“සයිරා නරසිම්හා රෙඩ්ඩි“ ලබන 02 සිට ලොව පුරා තිරගතවේ

සැප් 08, 2019

    තෙළිඟු සිනමාවේ ආකර්ශනීය බව, දැන් දැන් හොලිවුඩය හා සමගින් තරඟකාරී වෙලා.

    නවතම ඉන්දීය තෙලිඟු සිනමා පටය “සයිරා නරසිම්හා රෙඩ්ඩි“ ලබන 02 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීමට නියමිත වේ. චරිතාපදාන කතාවක් වන මෙය සුරේන්ද්‍ර රෙඩ්ඩිගේ අධ්‍යක්‍ෂණයක්. නිෂ්පාදනය ජනප්‍රිය රංග ශිල්පී රාම් චරන්. 1857 දී බ්‍රිතාන්‍යයට එරෙහිව ඉන්දියාවේ ඇති වූ ප්‍රථම නිදහස් සටන සත්‍ය කතාව පදනම් කරගෙන මෙය නිර්මාණය වී තිබේ. කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන චිරන්ජීවි මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි. ඔහු රංගන ශිල්පී රාම් චරන්ගේ පියා. ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් වන අමිතාබ් භච්චන් මෙහි ආරාධිත රංගනයක නිරතවේ. සුදීප්, විජය සේතුපති, ජගපති බාබු, අනුෂ්කා ශෙට්ටි නයන්තාරා සහ තමන්නා මීට රංග දායකත්වය සපයයි. ඉන්දීය රුපියල් කෝටි 200ත්, 270ත් අතර මුදලක් චිත්‍රපටය සඳහා වියදම් වී ඇති බව වාර්තාවේ. “සයිරා නරසිම්හා රෙඩ්ඩි“ සිනමා පටය හින්දි කණ්නඩ, මලයාලම් සහ දෙමළ භාෂාවලින් නිකුත් කිරීමට නියමිතයි.

    Latest News