රම්සා තෙත් බිමෙන් හමුවූ දුර්ලභ පක්ෂියා..

අගෝ 14, 2019

    මීට පෙර හමු නොවූ දුර්ලභ පක්ෂියෙකු ආනවිදුන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ සිටිය දී සොයා ගෙන තිබේ.

    මුතු පන්තිය දූපතට පැමිණි මෙම පාක්ෂියා ගම්වාසීන් විසින් අල්ලා ගෙන වනජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු කළේය. හොට හා වලිගය දියකාවෙකුගේ හැඩය ගන්නා අතර, පාද රාජලියෙකුගේ පාදවලට සමාන බවයි, වනජීවී නිලධාරීන් පවසන්නේ. පියාපත්වල දිග සෙන්ටිමීටර 109ක්.

    මෙම අභයභූමියට ලොව නන්දෙසින් සංචාරක පක්ෂීන් පැමිණෙන අතර, මෙම වර්ගයේ පක්ෂියෙකු කිසිදිනක මෙම වනෝද්‍යානයේ නිරීක්ෂණය වී නොමැති බවයි, ඔවුන් පවසන්නේ. පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කිහිපයක් දක්නට ලැබෙන බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයට බාරදීමට කටයුතු කර තිබේ.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 12:12

    Latest News