ශා රුක් ඛාන්ට තවත් උපාධියක්

අප්‍රේ 05, 2019

    බොලිවුඩ් සිනමා සක්විති ශාරුක් ඛාන්ට ලන්ඩන් නීති සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

    ඔහුගේ පරාර්ථකාමීභාවයට මෙම උපාධිය පිරිනමා තිබේ. ශා රුක් ඛාන් හට මේ ආකාරයේ ගෞරව ආචාර්ය උපාධි 2ක් බෙඩ්ෆෝඩ්ෂයර් සහ එඩින්බරෝ සරසවිවලින් මීට පෙර ද පිරිනමා ඇත.

    skr3

    skr4

    ශා රුක් ඛාන් රංගන ශිල්පියෙක් ලෙස තම සාර්ථකත්වය ලඟා කරගත් අති විශිෂ්ඨ චරිතයකි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස ද තම දක්ෂතාව ලොවට පෙන්වා ඇත. මේ සියළු දක්ෂතා අතර සිය පරාර්ථකාමීභාවය පෙන්නුම් කරමින් මානව හිමිකම් පිළිබඳ නිෂ්පාදනය කළ "My Name Is Khan" චිත්‍රපටයද ජනාදරයට පත් විය. ඉන්දීය රජයෙන් ක්‍රියාත්මක පෝලියෝ වැලැක්වීමේ සහ ඒඩ්ස් වැලැක්වීමේ වැඩසටහන්වලටද ක්‍රියාකාරීව සහභාගී වී ඇත.

    skr2

    skr1

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 16:08

    Latest News