“කැප්ටන් මාවල්“ ගෙන් ඩොලර් බිලියනයක ආදායමක්

අප්‍රේ 03, 2019

    කැප්ටන් මාවල් චිත්‍රපටය ලොව පුරා අමෙරිකානු ඩොලර් බිලියන එකක ආදායම් වාර්තාවක් පිහිටුවා තිබේ.

    චිත්‍රපයට බිලියන එකේ සීමාව පසුකර යාමට ගතවූයේ මසක් වැනි කොටි කාලයක් වීම විශේෂත්වයක්. උතුරු අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන 355.6ක ආදායමක් උපයා ගැනීමට කැප්ටන් මාවල් චිත්‍රපටය ඊයේ වන විට සමත්විය. විදේශ ගතව ඉපැයූ අදායම ඩොලර් මිලියන 638.6ක්. 

    මෙම වසරේ තිරගත වීම ඇරඹූ මෙම සිනමා පටය අමෙරිකානු සුපිරි වීරයන්ගේ කතා මාලාවන් පදනම් කරගෙන නිර්මාණය වන මාවල් කොමික් ගණයේ චරිත ඇතුළත් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය සුප්‍රකට මාවල් ස්ටුඩියෝ නිෂ්පාදනයක් වන අතර බෙදා හැරීම වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ මෝෂන් පික්චර්ස් සමාගමේ මාවල් සිනෙමැටික් යුනිවර්ස්හි 21 වැනි චිත්‍රපටය මෙය වෙයි.

    කැප්ටන් මාවල් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබුවේ අන්නා බෝඩෙන් හා රයන් ෆෙලෙක් යන අය ජීනීවා රෝබ්ට්සන් ඩොවෙර්ට් විසින් තිරරචනය ලියා තිබේ. බ්‍රි ලාසන්, සැවුවෙල් ජැක්සන්, ජුඩ් ලෝ, ජෑමා චෑන්, බෙන් මැන්ඩෙල්සොන් යන නළු නිලියන් ඇතුළු විශාල නළු නිළියන් රැසක් මේ සඳහා දායක වෙයි. චිත්‍රපටය තිරග වීමටත් ප්‍රථම බ්‍රි ලාසන් සහ සැමුවෙල් ජැක්සන් යන රංගන ශිල්පීන්ගේ යම්, යම් ප්‍රකාශයන් දැඩි අප්‍රසාදයට ලක්ව ඇත. ප්‍රේක්‍ෂකයන් අතර, ලොකු කතාබහක් සිදුවුණා.

    ඒ හේතුවෙන් මීට සමගාමීව තිරගතවීම ඇරඹු “අලීටා බැටල් එන්ජල්“ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් අතර උනන්දුවක් දක්නට ලැබිණ. මාවල් සිනමා විශ්වාසය මේතාක් දුරට ඔසවා තැබීමේ වැඩි ගෞරවය හිමිවන්නේ ප්‍රේක්‍ෂකයන්ටයි.

    කතාව ගැන කියනවානම් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් (2018) හි තෙනෙරස් ලෝක ජනගහනයෙන් හරි අඩක්ම තමන්ගේ එක ස්නැප් එකකින් නැති කරනවා. තෙනෝස්ගේ ස්නැප් එකට ගොදුරු වෙන්න කලින් නික් ෆියුරි යමෙකුට පණිවිඩයක් යවනවා.

    ඒ යවන්නේ කැප්ටන් මාවල්ට. මාවල් සිනමා කතාංගවල බලවත්ම චරිතයක් ලෙස ගෙනෙන කැරොල් ඩෙත්වර්ස් හෙවත් කැප්ටන් මාවල් තානොඩ් කල විනාශය ආපසු හැරවීමට හැකිතරම් බලයක් ඇති එකම චරිතය ලෙස ඇවෙන්ජර්ඩ්හි නික් ෆියුරි විශ්වාස කරන බව දැකගන්නට හැකියි. මේ ආකාරයෙන් අපි නොදන්නා කැප්ටන් මාවල් චරිතය ඇය පිළිබඳව මෙම සුපිරි සිනමා පටයේ ඇතුලත්.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 13:39

    Latest News