සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අගෝ 02, 2024
    වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්යාංශයේ උපදෙස් මත සතොස අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
    ඒ අනූව රු.275කට පැවති අර්තාපල් (චීනයෙන් ආනයනික) කිලෝ එකක මිල රු.35කින්ද (නව මිල - 240),
     
    රු.1020කට පැවති සුදු කව්පි කිලෝ එකක මිල රු. 22කින්ද (නව මිල 998),
     
    රු.285කට පැවති ඉන්දියානු ලොකු ලූණු කිලෝ එකක මිල රු.10කින්ද (නව මිල 265)
     
    රු. 950කට පැවති රතු කව්පි කිලෝ එකක මිල රු. 10කින්ද (නව මිල 940)
     
    රු. 260කට පැවති කීරි සම්බා කිලෝ එක රු. 6කින්ද (නව මිල 254)
     
    රු. 375කට පැවති දුඹුරු සීනි රු. 5කින්ද (නව මිල 370)
     
    රු. 290කට පැවති රතු පරිප්පු රු. 5කින්ද (නව මිල 285)
     
    රු. 258කට පැවති සුදු සීනි රු.4කින්ද (නව මිල 254) පහත දමා තිබෙනවා.
     
    ඒ අනූව මෙම භාණ්ඩ දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් අද සිට (02) මෙම මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි.

    Latest News