විවාහ දින පැළයක් තෑගි දුන් අපූරු යුවලක් (ඡායාරූප)

අප්‍රේ 03, 2019

    සිය විවාහ මංගල්‍ය දිනයේ දී ඊට සභාගීවූ පිරිසට ස්තූතිය පළ කරමින් පළතුරු පැළයක් ලබාදුන් පුවතක් සමාජ මාධ්‍යතුලින් මේ දිනවල දැකගත හැකියි.

    කාගේත් කතාබහට ලක්වන මේ යුවල නමින් කසුන් ධනුද්ධර හා කෞශල්‍යා මධුවන්තියි. මොවුන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ ඉගෙනුම ලබා වයඹ විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් දැඩි පරිසරය විනාශයන් සිදුකෙරෙන මෙවැනි යුගයක සොබාදහමට අදාරය කරන, එය රැකගැනීමට උත්සහ කරන මෙවැනි පිරිස් සමාජයට මහත් ආදර්ශයක්..

     කසුන් ධනුද්ධර සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන..

    "Save Nature like your
    මේ දවස් වල පරිසරය ගැන හැමෝම කතා වෙනවා.ගස් කොලන් රැක ගන්න ගොඩක් දේවල් කරනවා.ඉතින් අපිත් ඒ දේ වෙනුවෙන් අපේ විවහා උත්සවයෙදි චූටි වෙනසක් කලා.
    ආව හැමෝටම පලතුරු පැලයක් අපි දුන්නා wedding gift එකක් විදියට එයාලා යනකොට අරන් යන්න.
    අපි හිතුවටත් වඩා ඒක trend එකක් විදියට ලංකාව පුරාම පැතිරිලා.අපි හැමෝම පරිසරය වෙනුවෙන් අලුත් විදියට හිතලා මේක වෙනස් කරමු.මේ පොළවට ඇත්තටම ආදරේනම් දැන්ම පටන් ගන්න.
    කතාවට වඩා චූටි ක්‍රියාවකින් ලොකු වෙනසක් කරන්න පුලුවන්...."

    pela2

    pela3

    Wedding 2

    wedd 2

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 10:14

    Latest News