උ.පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ වේ

ජූලි 10, 2024
    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම අද (10) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

    කෙසේවෙතත් එම දිනය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුටරත් සඳහන් කළේ.

    Latest News