"VD 12" රූ සොයා විජේ ශ්‍රී ලංකාවේ

ජූලි 09, 2024

    දකුණු ඉන්දීය තෙළිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවකු වන විජේ දෙවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඒ "VD12" චිත්‍රපටයේ රූගත කිරීම් සඳහායි. මෙය විජේ රංගනයෙන් දායක වන 12 වන සිනමා නිර්මාණය වනවා.

    ත්‍රාස්‍යජනක, ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත දෙවරකොන්ඩා සහ ශ්‍රී ලීලා විසින් නිරූපණය කරනවා. "ජර්සි" චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් ගෞතම් තින්නනුරි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වනවා.

    මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලය විසින් මෙම ලෝ ප්‍රකට සිනමා තරුව ඉතා හරසරින් පිළිගනු ලැබුවා.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2024 15:50

    Latest News