යූසුෆ් පතාන් පාර්ලිමේන්තුවට

ජූනි 05, 2024

    හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යූසුෆ් පතන් මෙවර ඉන්දීය මහ මැතිවරණයට අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වුනා.

    බටහිර බෙංගාල මැතිවරණ කොට්ඨාශයෙන් තරග වැදුනු පතන් ඡන්ද 524,516 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

    ඒ අනුව ඉන්දියානු ජාතික කොංග්‍රසයේ අපේක්ෂකයා දෙවැනි තැනටත් භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා තෙවන තැනටත් ඇද දැමීමට පතන් සමත්ව ඇත්තේ ඉන්දීය ත්‍රිනමූල් කොන්ග්‍රසය නියෝජනය කරමින්.

    ඉදිරියේදී පතන් භරම්පූර් ප්‍රදේශය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජනතාව නියෝජනය කරනු ඇති.

    Latest News