මහ සිකුරාදා දිනය අදයි

මාර් 29, 2024

    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසය මත දිවි පිඳීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදයි. ලොව පුරා කිතුණු බැතිමතුන් අද එම අවස්ථාව සිහි කරනු ලබනවා.

    ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින්, කිතුණු බැතිමතුන් දින 40 ක් පුරා ආගමික වතාවත් රැසක නිරත වුණා. එය සැලකෙන්නේ, දුක් ප්‍රාප්ති කාලය ලෙසයි.  

    අලු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යෙදුම්, උපවාස හා පුන්‍ය ක්‍රියා සිදු කරමින්, එය භක්තියෙන් මෙනෙහි කළ  කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට සහභාගි වනවා. 

    මහ සිකුරාදා සිහිපත් කරමින් දිවයිනේ කතෝලික දේවස්ථාන රැසක විශේෂ පූජා උත්සව සංවිධාන කර තිබෙනවා.

    කිතු සමිඳානන්ගේ කුරුස ගමන සිහිපත්කෙරෙන "පාද නමස්කාරය" මෙහි ප්‍රධානතම අංගයක්. 

    පසුගිය ඉරිදා ශුද්ධ වූ සතිය ආරම්භ වූ අතර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, මරණයෙන් උත්ථානය වීම  සිහිපත් කෙරෙන දිනය හෙවත්, පාස්කු ඉරිදා ලබන 31 වැනි දිනට යෙදී තිබෙනවා.

    මෙවර පාස්කු සතිය තුළ ද කිතුණු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2024 10:18

    Latest News