කාලගුණයෙන් බැට කන අහිංසක සත්තු

මාර් 22, 2024
    මොංගෝලියාවේ අධික ශීත කාලගුණයෙන් එඩේර ජනතාව සතු මිලියන 5 කට ආසන්න සත්වයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව, ජාත්‍යන්තර රතු කුරුස සංගමය පවසනවා.
    මේ හේතුවෙන්, දහස් ගණන් ජනතාවගේ ජීවනෝපායට එය දැඩිව බලපෑම් කර ඇති බවයි, වාර්තා වන්නේ. ශීඝ්‍රයෙන් උෂ්ණත්වය පහත වැටීම සහ තෘණ බිම් ආවරණය වන ලෙස හිමපතනය වීමෙන් සතුන්ට ආහාර අහිමි වීම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා.
    මොන්ගෝලියාවේ ලක්ෂ 3 ක් පමණ පිරිසක් සාම්ප්‍රදායික සංචාරක එ‍ඩේරවරුන් වනවා.
    තම ගවයින්, එළුවන් සහ අශ්වයින්ට ආහාර සපයා ගැනීම දැඩි අර්බුදයක් බවයි, ඔවුන් ප්‍රකාශ කරන්නේ.

    Latest News