ගාසා නිවෙයි හමාස් වෙනස් වෙයි

පෙබ 27, 2024
    "ලබන සඳුදා වන විට" ඊශ්රායල - ගාසා යුද්ධයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්රකාශ කරනවා.

    සටන් විරාමයක් සඳහා ඊශ්රායලය සහ හමාස් අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බව, ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ජනාධිපති ජෝ බයිඩන්ට පවසා තිබෙනවා.

    එලඹෙන සතියේ සඳුදා වනවිට සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු විය හැකි බවයි, ජෝ බිඩන් මාධ්යට පවසා ඇත්තේ. එහෙත්, එම සටන් විරාමය පිළිබඳ දිගු විස්තරයක් ජෝ බයිඩන් මාධ්යට අනාවරණය කර තිබුණේ නැහැ.
     
    මේ අතර ඊශ්රායලය සහ හමාස් සංවිධාන නියෝජිතයන් අතර කටාර් රාජ්යයේ පැවැත්වෙන සටන් විරාම සාකච්ඡාවල යම් ප්රගතියක් ඇති බවද, විදෙස් මාධ්ය වාර්තා කරනවා.
     
    ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ "රෆා" නුවර අත්පත් කරගැනීමේ මෙහෙයුමේ සැලැස්ම පසුගිය ඉරිදා එරට, යුද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
     
    උතුරු ගාසා තීරයේ වෙනත් ප්රදේශවලින් පලා ගිය බොහෝ පලස්තීන සරණාගතයින් "රෆා" නගර‍‍යේ රැඳී සිටිනවා.
     
    එබැවින්, ප්රහාරයක් ක්රියාත්මක නොකරන්නැයි, ඊශ්රායලයට ජාත්යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතිනවා.

    Latest News