උද්වේගකර කඩුලු සැමරීම යළි දැකගැනීමට නොලැබේවි

පෙබ 27, 2024
    නවසීලන්ත වේග පන්දු යවන ක්රීඩක නීල් වැග්නර් වහාම ක්රියාත්මක වන පරිදි ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

    ඔහු එම තීරණය ගෙන ඇත්තේ, ඔස්ට්රේලියාවට එරෙහිව එළඹෙන බ්රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්රකාශ කිරීමත් සමඟයි.

    ඔස්ට්රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තමා නම් නොකිරීම සම්බන්ධයෙන් වැග්නර්, පසුගිය සතියේ කණ්ඩායමේ කළමනාකාරීත්වය සමඟ ගැටලුකාරී තත්ත්වයක්ද ඇති කර ගෙන තිබෙනවා.
     
    37 හැවිරිදි වැග්නර්, ටෙස්ට් තරග 64කදී නවසීලන්තය නියෝජනයකර දවා ගෙන ඇති කඩුලු සංඛ්යාව 260ක්.

    Latest News