පිටසක්වළ ජීවියෙක් පෘථිවිය බේරා ගැනීමට සහය වෙයි

පෙබ 13, 2024

    ආර්. රවි කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ “අයාලන්” පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක්.

    "තමීෂ්" සහ යද්දෝයි ග්‍රහලෝකයෙන් ආ ටැටූ අතර මිතුරුකමක් ගොඩනැගෙනවා. පෘථිවිය විනාශ කිරීමේ සැලසුමක් ගැන ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. ආර්යන් නැමති විද්යාගඥයා ස්පාක් නැමති මූලද්‍රව්‍ය භාවිත කරමින් මාරාන්තික නෝවා නැමති වායුවක් නිපදීවීමට ගන්නා උත්සාහය තමීෂ් සහ ටැටූ සුසංයොගයෙන් ව්‍යර්ථ කිරීමට ගන්නා උත්සාහය මෙම චිත්රපපටයෙන් නිරූපනය වනවා.

    චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන තමීෂ්ට දමිළ නළු සිවකාර්තිකේයන් සහ ප්‍රධාන නිළිය ලෙස රකුල් ප්‍රී සිං එක් කර ගෙන තිබෙනවා. ටැටූට හඬ කවන්නේ සිද්ධාර්ත් විසින්. සංගීතය ඒ.ආර් රහමන්ගෙන්.

    ඉන්දීය රුපියල් කෝටි 96ක වියදමක් දරා ඇති මෙම චිත්‍රපටය දින 13ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 80ක ආදායමක් උපයා තිබෙනවා.

    Latest News